එකොලොස්වන කොටස

ෂෙල්ටන් සිය සුළු මවත් සමග අමනාප වී ගෙදරින් පිට විත් මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගතව තිබිණි. ඔහු එදා ගෙදරින් පිටව ආවේ තනිවම නොවේ. තමාගේ එකම සොයුරියත් කැටුවය. ඇයව හක්මන සිටි මිත්තනියගේ ගෙදර නවත්වා ඔහු කොළඹ පැමිණ තිබිණි.

ඔහු එබඳු තනි තීරණයක් ගෙන ගමෙන් පිටව එන විට ඔහුගේ පිය ගෙදර සිටියේ නැත. ඔහු මේ පුවත දැන ගත්තේ හැන්දෑවේ ගෙදර ආපසුවය. මොනවා වුනත් තම වැඩිමහල් පුතුට මෙන්ම වැඩිමල් දියණියටත් ඔහු බෙහෙවින් ආදරය කළේය. විශේෂයෙන් ඔවුන්ට හය හතර නොතේරෙන ළමා වියෙදීම මව් උණුසුම අහිමිව ගිය බැවින් ඔහු දෙවන විවාහයේ දරුවන්ටද වඩා වැඩිමල් දරු දෙදෙනාට වැඩි සෙනෙහසක් දක්වීය. මේ අනුව ඔවුන් දෙදෙනාගේ නික්ම යාම මොහුට කෙසේවත් දරාගත හැකි වුයේ නැත.

"ඔහේට තිබුනා උන් දෙන්නාව නවත්ත ගන්න. ඔහේගේ වැරැද්දෙන් උන් දෙන්න ගියේ" යනුවෙන් බිරිඳට චෝදනා කල ඔහු නිරතුරුව ෂෙල්ටන් සහ ප්‍රදීපා ගැනත් දුක් වුයේය.

"හිතේ කේන්තියට ගියා උනත් උන්දෙන්නා මාව බලන්න අයෙමත් නෑවිත් ඉන්න එකක් නෑ. ලොකු කොලුවයි, කෙලීයි දෙන්නම් මට ලෙන්ගතුයි." යනුවෙන් තමාටම පවසා ගනිමින් මෙම පියා දිනපතා ඔවුන් දෙදෙනාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පසුවිය. නමුත් දවසින් දවසම ඔහේ ගෙවී ගියා විනා ඔහුගේ බලාපොරොත්තු සපල වන බවක් නොපෙනින.

දරු කැකුමින් ඔහුගේ ලය ඇදුම්කමින් පැවතියේය. දියණිය දැකීමට හක්මන යාමටත් ඔහුට පුළුවන්කමක් තිබුනේ නැත. විශේෂයෙන් පළමු බිරිඳගේ මව ඔහු සමග හිත නොහොදින් පසු වීම ඊට හේතුවයි. හැරත් ඔවුන් සිතා සිටින්නේ තමාත් තම දෙවන බිරිඳත් වැඩිමල් දරුදෙදෙනට වෙනස්කම් කරන බවකි. මෙබඳු හේතුන් නිසා හක්මන ගියොත් සිදුවන්නේ දියණිය එක්කරගෙන ඒමට නොව පරණ තරහා මරහා අලුත් කර ගැනීමටය. එයින් පලක් වන්නේ නැත. පුතා බැලීමට වලස්මුල්ලේ සිට කොළඹ පැමිණීමටද ඔහුට කල හැක්කක් නොවිය.

මුළුමනින්ම බිහිරි පුද්ගලයෙකු වූ හෙතෙම ඒ වන විට දුබල කාය ශක්තියකින්ද යුතු විණි. මේ නිසා දරුවන් දෙදෙනා තමා සොයා පැමිණෙන තුරු බලා සිටිනවා හැර ඔවුන් සොයා යාමේ හැකියාවක් මෙම පියාණන් සතුව තිබුනේ නැත.

එහෙත් එම බලාපොරොත්තුව ඉටු නොවූ තැන ඔහු සියලු කෝපය පහ කලේ බිරිඳ වෙතිනි. මේ නිසාම නිවසේ දෙන්නා දෙමහල්ලන් අතර ගැටුම් නැති දවසක් නොතිබූ තරම් විය.


ෂෙල්ටන් ගේ සොයුරු ස්ටීවන්
මේ වනවිට ෂෙල්ටන් වැඩිමහල් සොහොයුරා එනම් පියාගේ දෙවන විවාහයේ වැඩිමහල් පුතු වන ස්ටීවන් සාමාන්‍යපෙළ හදාරා අවසන් වී තිබිණ. ඔහු එම විභාගයෙන් යහපත් ප්‍රතිඑල ලබා සිටියේය. එහෙත් ගෙදර තිබු කටුක වාතාවරණය මත ස්ටිවෙන්ට තවත් ඉහලට ඉගෙන ගැනීමට නොහැකි බවක් පෙනින. විශේෂයෙන් මව සහ පිය අතර ඇතිවූ නිරන්තර ගැටුම් ඔහුගේ සිත මහත් කම්පනයකට පත් කොට පැවතියේය. තවත් ටිකක් ඉහලට ඉගෙන ගන්නට නම් මේ ගෙදරින් ඈත් විය යුතු බව ස්ටීවන්ගේ හිත කියන්න විය. ඒ අනුව නිවසින් පිටව ගොස් පුද්ගලික පන්තිවලින් හෝ අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට ඔහු පියාගෙන් අවසර පැතීය.

ස්ටීවන්ගේ ඊළඟ සොයුර වුයේ ලලිත් කුමාරය. ඔහු ඉන් කලකට පෙර සිටම ගාල්ලේ පිරිවෙනක නතරව සිටි අතර කලක් තිස්සේ ඔහු තුල තිබු අපේක්ෂාව මුදුන් පමුණුවා ගනිමින් ශාසනරතන නමින් මේ වනවිට පැවිදි බිමට අවතීර්ණව තිබිණ. පිරිමි දරුවන් කීපදෙනෙක් සිටි පවුලේ එක දරුවෙකු ශාසනයට ඇතුල් කරන්නට
ෂේල්ටන්ගේ පියාද කැමැත්ත පළකළේය. මහණ බිමට පිළිපන් පසුවද දිගින් දිගටම එම පිරිවෙනේම නතරවී අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නට ශාසනරතන හාමුදුරුවන්ට හැකිවී තිබිණි.


ශාසනරතන හිමි
එකම අවුල් ජාලාවක්ව පවතින තම නිවහනෙන් ස්ටීවන් ද පිටවයනවාට පියාගෙන් විරුද්ධත්වයක් තිබුනේ නැත. හැරත් ඔහු යන්නේ දිගින් දිගට සිය අධ්‍යාපන කටයුතුවල නියැලෙන අදහසිනි. ඒ සඳහා වියදම් දැරීම තමාට අසීරු සේම මේ නිවසේ රැඳී එය කරගෙන යාමටද ඔහුට අපහසු බව පිළිගත යුතුය. ඔහු ස්ටීවන් හා එකඟ වුයේ මේ සියල්ල සලකා ගෙනය.

ස්ටීවන් වලස්මුල්ලේ සිට ගාල්ලට පැමිණියේය. ගාල්ලේ ඔවුන්ගේ ඥාති නිවසක ඔහු නතර වී පුද්ගලික පන්තිවලට යාමට පටන් ගත්තේ කෙසේ හෝ උසස් පෙළ සමත් වීමේ අභිලාෂයෙනි.


කාලය වේගයෙන් ගතව ගියේය. ඒ වනවිට ෂෙල්ටන් අමනාපව ගොස් වසරක් ද ඉක්ම ගොස් තිබිණි. තමාගෙන් ඒ වනවිට ඈත්ව සිටි ස්ටීවන් ගැනත්, ශාසනරතන හාමුදුරුවන් ගැනත් ඔහුගේ සිත සෑහීමකට පත් වී තිබුනත් ෂෙල්ටන් හෝ දියණිය පිළිබඳව සිත පතුලෙහි නිදන්ගතව ඇති දුක ලේසියෙන් යටපත් කල හැකි නොවිණි. ෂෙල්ටන් සිටින්නේ තම වැඩිමහල් සොහොයුරා වූ බණ්ඩාරනායක මහතා භාරයේ බැවින් ඔහුගේ රැකවරණය පිළිබඳව ගැටලුවක් නැත. දියණියට මෙහි සිටිනවාටත් වඩා සැලකුම් මිත්තනියගෙන් ලැබෙනු නිසැකය. එහෙත් තම ජීවිතය කෙමෙන් අවරට යමින් තිබෙන මේ සමයේ දරුවන් අමනාප වීම ඔහුට දැරිය හැක්කක් නොවිණි. දැන් නම් තවත් ඉතින් බලා හිඳිම මෝඩකමකි. ඊළඟ දිනයෙක ස්ටීවන් පැමිණි පසු ඔහුද කැටුව කොළඹ යාමට හෙතෙම අදිටන් කර ගත්තේය.

8 comments:

  1. අයියෙ කොටසින් කොටසට අදහස් නොදැක්වුවාට, ඔන්න කතාව නම් මම කියවනවා හොඳේ..

    ReplyDelete
  2. හරි, ප්‍රතිචාර නැතත් කමක් නෑ, නංගි කතාව කියවනවානේ. මොකද ඔයාගේ බ්ලොග් එක වහලා දැම්මේ?

    ReplyDelete
  3. මේ වෙනකොට ෂෙල්ටන් දැනගෙන හිටියද තමන්ගෙ සොහොයුරෙක් පැවිදි වෙලා කියල?

    ReplyDelete
  4. Blog template eke html issues wagayak aawa appa.. ithin parana template eka maaru karanna sidda wuna :( .. prashne wisandaganna puluwan wuna gaman, aayeth ee template eka use karanawa, ethakan wena ekak damma.. :)

    ReplyDelete
  5. ලයිෆ්, ඔව් ඔහු මේ පිළිබඳව දැනගෙන ඉද්න්ලා තියෙනව මට මතක විදියට.

    මුතු, ආහ! ඒක තමයි මම බැලුව මොකද උනේ කියල :)

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. සහෝදරයා ස්වාමීන් වහන්සේ නමක් වෙලත් කෙලන්ම උන් වහන්සේ ළඟට නොගිය එකෙන් මට තේරෙන්නෙ ඇත්තටම ෂෙල්ටන්ට අවශ්‍ය වෙලා තිබුණෙ සත්‍යය ගවේෂණය කරනවට වඩා ගුප්ත දේ ගැන ගවේෂනය කරන්න කියලයි.

    ReplyDelete
  8. සහෝදරයා,
    මොකද වෙන්නෙ බ්ලොග් එක අමතක වුණාද?

    ReplyDelete